උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මේ මස අග ජනතා අයිතියට

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක ධාරිතාවක් එක් කෙරෙන උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෙම මස අග භාගයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ 2011 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 513 ක මුදලක් වැය කර ඇති බවයි.

විදුලිබල උත්පාදනයෙන් පසු එම ජලය අලිකොට ආර, හදපානාගල සහ කුඩාඔය ජලාශ වෙත රැගෙන ඒමෙන් අනතුරුව කුඹුරු අක්කර 20,000 කට යල සහ මහ කන්න සඳහා ජලය සැපයීම සිදු කෙරෙනවා.

කිරිඳි ඔය ද්‍රෝණිය හරහා ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රීක කරමින් බදුල්ල හා මොණරාග දිස්ත්‍රික්කවල ජනතාවට මෙමඟින් පානීය ජලය සැපයෙන බවයි වාරිමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *