ඌරුමස් සහිත බත් කෑ රැඳවියාගේ මරණය ගැන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් තීන්දුවක්

ඌරුමස් සහිත බත් පාර්සලයක් ආහාරයට ගැනීමෙන් මරණයට පත් වූ බව පැවසෙන මැගසින් බන්ධනාගාර රැඳවියාගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව රැඳවියාගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ රැඳවියා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබූ අයෙක්.

පසුගිය 4 වනදා ඔහුගේ ඥාතියෙකු ඌරුමස් සහිත බත් පාර්සලයක් ඔහු වෙත රැගෙනවිත් ඇති අතර එම බත් පාර්සලය රැදවියන් 15 දෙනෙකු පමණ ආහාරයට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.

එහිදී ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔවුන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර යැවීමෙන් අනතුරුවයි මෙම රැඳවියා පිවිතක්ෂයට පත්ව ඇත්තේ.

අනෙක් රැඳවියන් 14 දෙනාගේ තත්ත්වය බරපතල නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පරික්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාර්ධන ප්‍රකාශක, බන්ධනාගාර කොමිසාර්ස්වරයා සඳහන්කර සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *