ඌවපරණගම ප්‍රදේශයේ ගින්නක්

ඌවපරණගම ඌමාඇල ප්‍රදේශයේ පිහිටි සෙරෙප්පු ගබඩාවක අද (22) හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

මෙම සෙරෙප්පු ගබඩාව වසා තිබියදී මෙසේ ගින්න හටගෙන ඇති අතර , බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය , අඹගස්දොව පොලිසිය , ඌවපරනගම ප්‍රාදේශීය සභාව එක්වී වතුර බවුසර් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට සමත් වූ බවයි පොලිසිය සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැති බවයි පොලිසිය සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *