එංගලන්තයට එරෙහිව ඉන්දියාව අවසන් පූර්ව වටයට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවැති 51 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය – ඔස්ට්‍රේලියා තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.

ඒ ලකුණු 24කින් ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්.

ඊයේ Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර, ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 205ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ නායක රෝහිත් ශර්මා ලකුණු 92ක් රැස් කිරීමට සමත් වූ අතර, Suryakumar Yadav ලකුණු 31ක් ද, Shivam Dube ලකුණු 28ක් ද, Hardik Pandya ලකුණු 27ක් ද, Rishabh Pant ලකුණු 15ක් ද, රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 206ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කරගත් හැකි වුණේ ලකුණු 181ක් පමණයි.

පන්දු යැවීමේදී Arshdeep Singh කඩුලු 03ක්ද, Kuldeep Yadav කඩුලු 02ක්ද, Jasprit Bumrah හා Axar Patel එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, මෙම තරග ජයග්‍රහණයත් සමග ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, එංගලන්තය සහ ඉන්දියාව අතර අවසන් පූර්ව වටයේ තරගය ජූනි 27 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට Providence Stadium, Guyana පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, අනෙකුත් කාණ්ඩයේ කණ්ඩායම් අතුරින් දකුණු අප්‍රිකාව මේ වනවිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *