එංගලන්තය දණ ගැස්වූ බට්ටී

එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගයේ දී 14 හැවිරිදි චමෝදි ප්‍රබෝදා ශ්‍රී ලංකාවට අභියෝගයක් ගෙන එමින් කඩුලු 5ක් දවා ගෙන තිබෙනවා.

ඒ ඇය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින්

ඇය ලකුණු 42ක දී මෙම කඩුලු 5 දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 48.4 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 226ක් රැස් කර තිබෙනවා.

පිළිතුරු ඉනිමට ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩිකාවන්ව පන්දුවෙන් දණ ගැස්වූ චමෝදි ප්‍රබෝදා ඇතුළු ශ්‍රී ලංකා පිළ පන්දුවාර 23.3 තුළ ලකුණු 118ක් පමණක් ලබා සිටියදී එංගලන්ත ක්‍රීඩිකාවන් සියල්ල දවා ගැනීමට සමත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *