එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට ජය

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති 45 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයේ ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 07කින් එංගලන්තය පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවැති තරගයෙ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 164ක ඉලක්කයක් සහිතව පිලිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 156ක් පමණයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *