එකම ධාවන පථයක එකවර යානා දෙකක්

ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොළේදී එකම ධාවන පථයක එකම අවස්ථාවේ යානා දෙකක් ධාවනය වීම සම්බන්ධයෙන් එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන්ගත වීම සඳහා එම පථයේ ධාවනය කරමින් තිබියදී ඉන්ඩිගෝ ගුවන් යානයක් එම අවස්ථාවේම එම ධාවන පථයට ගොඩබැස්වීම දරුණු අනතුරක් සිදුවීමට තිබූ අවස්ථාවක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම ගුවන් යානා ගොඩබැස්වීමට අදාළව නියෝග නිකුත් කළ ගුවන් ගමන් පාලක කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කිරීමට ද එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *