එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර

අහිතකර කාලගුණික වෙනස්වීම් හේතුවෙන් ඊයේ(16) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අංශයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර ලබා දී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, රැකියා ස්ථානයේ භෞතිකව සිටීම අවශ්‍ය තනතුරු හැර අනෙකුත් සියලුම රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රජකාරී සිදුකිරීමට අවසර ලබා දී ඇති බවයි.

එරට කාලගුණ දෙපාර්තමේන්තුව සිදුකළ අනතුරු ඇඟවීම් අනුව මෙම ක්‍රියාමාර්ග අරගෙන ඇති බව සඳහන්.

එළිමහනේ වැඩකටයුතු සිදුකිරීමට අවශ්‍ය නම් වෘත්තීයයන් සිදුකරන පිරිසට සෞඛ්‍ය ආරක්‍ෂිත පිළි‍වෙත්වලට අනුකූල සේවකයන් යෙදවීමට සමාගම් විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවටයි එරට රජය විසින් නිවේදය කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *