එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගනියි

2024 ජුලි 19 සිට ජුලි 28 දක්වා දඹුල්ලේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු කුසලානය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගත්තේය. සාමාජිකයින් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම උණුසුම්ව පිළිගනිමින් විශිෂ්ටතම සේවාවක් සැලසීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය කටයුතු කළේය. කණ්ඩායමේ සාමාජිකයින් බොහෝ දෙනෙකුට මෙය ඔවුන්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය විය. ඔවුන්ට ශ්‍රී ලාංකේය සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් අනුව ආහාරපාන රසවිඳීමට හා උණුසුම්, මිත්‍රශීලී ආගන්තුක සත්කාරකත්ව අත්දැකීම ලබාගැනීමට හැකි විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *