එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්න ගිහිල්ලා මට ගෙදර යන්න සිද්ධ වුණා

      ‘‘එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්න ගිහිල්ලා මට ගෙදර යන්න සිද්ධ වුණා. නමුත් මම එක්සත් ජාතික පාක්ෂිකයෝ පාවා දුන්නේ නෑ. ජනතාව මට දුන්න ඡන්දය මම අරගෙන ගිහින් මහින්ද රාජපක්ෂගේ කකුල් දෙක ලග තිබ්නේ නෑ.  ඒ වගේම දක්ෂ මන්ත්‍රීවරයෙක් වන නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවට යවලා තමයි මම ගෙදර ගියේ. ඒ ශක්තිය මම ලබාදුන්නා.

එක්සත් ජාතික පක්ෂය මට විනය පරික්ෂණ 7 ක් තිබ්බා. නමුත් රනිල් වික්‍රමසිංහට මට වඩා එයාගේ ගජමිතුරන්ව ලොකුවුණා. නමුත් අවසානයේ සජිත් ප්‍රේමදාස මහතා සහ මම නැවත එකතු වුණා. ඒ අනුව සැප්තැබර් 21 වැනිදා අපි බලාපොරොත්තු වුණ නායකත්වය රටේ ස්ථාපිත කරන්න කටයුතු කරනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තා රට හැදුවා කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ රට භාර ගද්දි කිව්වා රටට ඩොලර් බිලියන 6 ක් ගේනවා කියලා. නමුත් මේ වනතුරු ශත 5 ක් ගේන්න රනිල් වික්‍රමසිංහට බැරි වුණා. ඉන්දියාවෙන් බිලියන 4 ක් ලබාදුන්නා තෙල් , කෑම ගන්න. ඒ නිසා රටේ පෝලිං යුගය නැති වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පෝලිං යුගය නැති කළේ නෑ.

රනිල් වික්‍රමසිංහ මහත්තා බලය ගත්ත ගමන් පෙට්ට්‍රල් , ඩිසල් මිල වැඩි කළා. ඒ නිසා ජනතාව පෙට්ට්‍රල් , ඩිසල් ගහන එක නැවැත්තුවා. එතකොට පෝලිං නතර වුණා.

ඒ වගේම පසුගිය අවුරුද්දේ තමයි වැඩිම පිරිසක් ලංකාව අත්හැරලා විදේශගත වෙලා තිබෙන්නේ. විදෙස් ගතවුණ දහස් ගණාක් මේ වනවිට ඒ රටවල අනාත වෙලා තිබෙනවා.

පසුගිය අවුරුද්දේ පමණක් කෝටි හැත්තෑ අටදාහක කැම විදෙස් රටවලින් ගෙනල්ලා තිබෙනවා.

රට නැවත ගොඩගන්න රට ශක්තිමත් කළ යුතුයි. රට ශක්තිමත් කරන්නනම් පොඩි මනුස්සයා ගැන හිතන පුද්ගලයෙක් රටේ ජනාධිපති වෙන්න ඕන. ඒ පොඩි මනුස්සයා

රජකරන යුගය ආරම්භ වන්නේ සැප්තැම්බර් 21 වැනිදා. පොඩි මනුස්සයාගේ දුක දන්න එකම නායකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා පමණයි. රනිල් වික්‍රමසිංහ හොරු එක්ක හිටගත්තාට සජිත් ප්‍රේමදාස හොරුත් එක්ක හිට ගන්නේ නෑ.

සියයට 18 තිබෙන වැට් බද්ද ඉවත් කරන බව අනුර දිසානායක මහත්තයා කියනවා. 2024 ජනවාරි මාසයේදී සියයට 18 ක වැට් බද්ද ඉවත් කරලා තිබෙන්නේ. සියයට 18 වැට් බද්ද ආහාරවල සෞඛයට ගහන්නේ නෑ. නැති ඒවා කියලා රටේ මිනිස්සු රවට්ටන්න අනුර කුමාර දිසානායක උත්සහ කරනවා.  ඒවගේම ඇප නැතිව ණය දෙනවා කියලා අනුර කුමාර දිසානායක කියනවා.  මෙවැනි මෝඩ කතා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණේ.

අත්හදා බලන්න පුද්ගලයන් බලයට ගේන්න එපා. සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය ඇමැතිකම් , ඇමැතිකම් කරලා තිබෙනවා. සමගි ජන සන්ධානයේ ඉන්නේ පලපුරුද්දක් තිබෙන පිරිසක්. සියලු දෙනාම ශක්තිය ලබාදි සජිත් ප්‍රේමදාස මහතාව රටේ නායකයා බවට පත් කරන්න කටයුතු කරමු.‘‘

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *