එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් අදාල නෞකා සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ගොනු කළ අභියාචනා පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම පෙත්සමේ සලකා බැලීම අවසන් වන තුරු අදාළ නඩුව මහාධිකරණය හමුවේ විභාග කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සංකර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාල නඩුව ලබන 31 වනදා මහාධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස දන්වමින් නියෝගයක් නිකුත් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *