එක්ස්ප්‍රස් පර්ල් විමර්ශන කඩිනම් කරන්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දැනුම්දීම සිදුකළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියේ මෙම සිද්ධියට අදාළව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා නඩු විභාගයක් පැවැත්වෙන බවයි.

එම තත්ත්වය යටතේ තවදුරටත් විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි නීතිඥවරු ප්‍රශ්න කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන්නැයි පොලිසියට දැනුම් දුන් අතර එහි ප්‍රගතිය ඉදිරියේ දී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *