එජාප මහලේකම්ගේ පුතා පොලිස් අත් අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යසෝධ රංගේ බණ්ඩාර අද (29) අලුයම සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කරුවලගස්වැව මීඔය 7 කණුව අසල අලිමංකඩ ප්‍රදේශයේදී අලුයම 4.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

වාර්තාවන පරිදි යසෝධ රංගේ බණ්ඩාර පැදවූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රිරෝද රථයක ගැටී තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *