“එදා අපට ණය දුන්න බංග්ලාදේශය අද නොසන්සුන් වෙලා”

ශ්‍රී ලංකාව දුෂ්කරව සිටි කාලයේ ණය ලබාදෙමින් සහාය දැක්වූ බංග්ලාදේශය අද වනවිට නොසන්සුන් තත්වයට පත්ව ඇති බවත් එටර තුළ නැවත සාමය සහ ස්ථාවරත්වය ඇති වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, කුරුණෑගල එපිටොම් හෝටල් පරිශ්‍රයේ ඊයේ (21) පැවති “අභිමන් 2024” උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අනාගතයට මුහුණ දිය හැකි බවට විශ්වාසයක් දැන් අප තුළ තිබෙනවා. ලොව බොහෝ රටවල් අපෙන් අහනවා මේ දේ කළේ කොහොමද කියලා. අපි බංග්ලාදේශයේ ණය ආපසු ගෙවා තිබෙනවා. අද වන විට බංග්ලාදේශය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපට අපට දුෂ්කර අවස්ථාවේ සහාය වූ එම රට තුළ නැවත සාමය සහ ස්ථාවරත්වය ඇති වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

අප දැන් ඉදිරිගමන ගැන සිතිය යුතුයි. අපේ රට අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කළයුතුයි. ඒ වගේම විදේශගත වන ශ්‍රමිකයන්ගේ නිපුණතාවන් වර්ධනය කරමින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතුයි. එවිට ඔවුන්ට හොද රැකියා අවස්ථා සඳහා යොමු වී වැඩි ආදායමක් ලබා ගැනීමට හැකිවෙනවා. එය එම පුද්ගලයන්ට මෙන්ම රටටත් හොඳ තත්ත්වයක් බව කිව යුතුයි.

වසර 02ක් අප දුක් වින්දා. වසර දෙකක් ඔබේ සහාය ඇතිව මම මේ රට ඉදිරියට ගෙන ආවා. එහි ප්‍රතිලාභ ඔබට හිමි විය යුතුයි. එසේනම් අප සියලුදෙනා එක්ව අලුත් ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා අප සියලුදෙනා එක්වී කැපවී කටයුතු කරමු.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *