රොෂාන් රණසිංහ ක්‍රිකට් ජයග්‍රහණය ගැන කියූ දේ
අපි ආණ්ඩු බලය ගන්නේ නෑ. ආණ්ඩුව පොරොන්දු ගොඩක් දීලා ඒවා ඉටුකරනකම් බලන් ඉන්නවා
සර්ව ජන බලයේ මහ මැතිවරණ අපේක්ෂක ා හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද හුණුපිටිය ගංගාරාමයට ගොස් ආශිර්වාද ලබා ගත්තා
පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීම මෙහිදී සිදුකළා
එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද රොෂාන් රණසිංහ මුණගැසුණා
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා…
ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණයට සුබ පතනවා. මම එදා සනත් ජය සූරිය ගේන්න හදද්දි ඒකට බාධා කළා දැන් එදා මම ගත්ත තීරණය හරි කියලා තේරෙනවා
රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා ඒගොල්ලන්ගේ කට්ටිය පාර්ලිමේන්තුවට යවන්න කියලා ඒ ගොඩේ හොරුත් ඉන්නවා හොඳ අයත් ඉන්නවා හොඳ අය පමණක් යවන්න
npp ලැයිස්තුවේ නීතිඥයන් ගුරුවරුන් ගොඩක් ඉන්නවා,සාමා අමර, කියනවා වගේ පාසල් ගුරුවරුන්ට මෙම ාර්ලිමේන්තුවේ ක්‍රියා කරන හැටි දන්නවද දන්නෑ
අපි සර්වජන බලයෙන් හොඳම කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙන්නේ. විවසායකයෝ රැසක් මේකෙ ඉන්නවා. අපි ආණ්ඩු බලය ගන්නේ නෑ අපි විපක්ෂයේ ඉන්නවා ආණ්ඩුව ගොඩක් පොරොන්දු දීල තියෙනව ඒ පොරොන්දු ඉටු කරගන්න අපි අවස්ථාව දෙනවා. හැබැයි ආණ්ඩුව වැටෙන වෙලාවට පැනලා යන්නෑ අපි විපක්ෂයේ ඉඳන් ඒක බාරගන්නවා