එදිරිවාදිකම් විරුද්ධවාදීකම් අමතක කර ⁣රටේ ප්‍රශ්නවලට විසඳුම් සැපයිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ඡන්දයක් අවසන් වූවාට රටේ ප්‍රශ්න අවසන් නොමැති බවත් රටේ ජනතාව පීඩනකාරී අසහනකාරී දිවියක් ගත කරණ බවත් කුඩා දරුවාගේ සිට මව්වරුන් දරුවන් තරුණයන් කාන්තාවන් වැඩිහිටියන් විශ්‍රාමිකයන් ආදී සියලු දෙනාම ආර්ථික පීඩනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ ගැටලුවලට උත්තර විසදුම් සපයන්නන් විය යුතු බවත් කඩා වැටුණු ගරා වැටුණු රට ගොඩගත යුතු බවත් ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ ජනතාවගේ ගැටලුවලට විසදුම් සපයන්න සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තරුණයන් රටේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්විය යුතු බවත් උත්තර සපයනවා යනු විවේචනය නොව විසදුම් ලබා දීම බවත් මෙහි දී තරුණයන් රටෙ ආර්ථික වර්ධනයේ නායකයන් කොටස්කරුවන් බවට පත් කළ යුතු බවත් රටේ ප්‍රශ්න තනි පුද්ගලයන්ට හෝ කණ්ඩායමට විසඳිය නොහැකි නිසා එදිරිවාදී විරුද්ධවාදී දේශපාලන සංස්කෘතිය අමතක කර ජනතාවගේ ගැටලුවලට උත්තර සපයන වැඩපිළිවෙළ සකස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ උතුරු කොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය

ජනාධිපතිවරණය පැරදුනත් කුහකකම් නොකරන බවත් අප රටට විදේශීය ආයෝජන අවශ්‍ය බවත් අප රට සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කළ හැකි පරිසරයක් ඇති කරන බවත් රටේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්තවලට ශක්තිය දිය යුතු බවත් ඒ සදහා සුදානම් සියලු ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාර ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම දුුප්පත්කම වැඩිවීම ඇති නිසා මේ දුප්පත්කම තුරන් කළ යුතු බවත් දශලක්ෂ ගණනින් දුප්පතුන් වැඩිව ඇති නිසා මේ දුප්පත්කමින් මිදෙන්න අවශ්‍ය සහාය ලබා දිය යුතු බවත් දළ දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැවත සවිබල ගැන්විය යුතු බවත් නව කර්මාන්ත කරුවන් ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට තුළ කලබලකාරී තත්ත්වයන් ව්‍යාකූල තත්ත්වයන් ඇති කරන්නට අසමගිය ඇති කරන්න රට තුළ අවිනිශ්චිතතාවක් ඇති කරන්න හා අස්ථාවරත්වය තුළින් බලය ගන්න උත්සාහ නොකරන බවත් මෙි දේවල්වලට වඩා රට වටින බවත් ලක්ෂ 220 ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කළ යුතු බවත් මේ කරා යා හැකි හොදම ගමනට නායකත්වය දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *