එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ අමාත්‍ය එරික් සෝල්හයිම් හා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් අතර හමුවක් පවත්වා තිබෙනවා.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි.

උතුරු පළාතේ වත්මන් තත්ත්වය, නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය, ඉදිරි සංවර්ධන කටයුතු, පරිසරය සහ ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔවුන් පෙරේදා (01) මණ්ඩතිව් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *