එලඹෙන 14 වෙනිදායින් පසු හොරු අල්ලන ක්‍රියාව නිසියාකරව සිදු කරනවා

එලඹෙන 14 වෙනිදායින් පසු හොරු අල්ලන ක්‍රියාව නිසියාකරව සිදු කරන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් විධායක සභික, මෙවර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකධුර නීතීඥ සරත් කරුණාතිලක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රාකාශ කර සිටියේ මාවතගම මැතිවරන කොට්ඨාශයේ මල්ලවපිටිය ප්‍රදේශයේ පැවති ජාතික ජනබලවේගයේ ජනහමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ. මේ වන විට විපක්ෂයේ පක්ෂවල සියලු දෙනා. හොරු ඇල්ලුවාද යනුවෙන් අසන බවත්. ඉදිරියේ පත්වන ජාතික ජනබලවේගයේ රජයෙන් පසුගිය සමයේ සිදුවූවංචා දූ ෂණවලට අදාළව නිසියාකාර පරීක්ෂණයක් සිදුකර. වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට උපරිමයෙන් කටයුතු කරන බවයි. අද සියලු දෙනාම කිසිදු භේදයකින් තොරව ජාතික ජන බලවේගය පක්ෂය වටා එකතු වන බවත්. විපක්ෂයේ දේශපාලනඥයන්ට පෝස්ටර් එකක් පවා අලවා ගැනීමට කිසිවෙකු ඉතිරි නොවී ඇති බව එු මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 359

Leave A Reply

Your email address will not be published. Required fields are marked *