ඔක්තොම්බර් පළමුදා ළමයින්ට නොමිලේ ලැබෙන දේ

ඔක්තොම්බර් 01 වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික සත්ව්‍යෝත්දාන දෙපාර්තමේන්තුව යටතේ ඇති පින්නවල

අලි අනාථාගාරය, පින්නවල සත්ව්‍යෝත්දානය, දෙහිවල සත්ව්‍යෝත්දානය සහ රිදීගම සෆාරි උද්‍යානය, වයස අවුරුදු 12ට අඩු දූ දරුවන්ට නොමිළේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.

ඊ‍ට අමතරව එදින දවස පුරා මෙම උද්‍යාන නැරඹීමට පැමිණෙන ළමා, තරුණ, වැඩිහිටි සැමට දැනුම, විනෝදය ගෙන දෙන ක්‍රියාකාරකම් රාශියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇතැයි ජාතික සත්ව්‍යෝත්දාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *