ඔන්ලයින් වංචාවට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් 115 දක්වා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ මෙරට තුළ මූල්‍ය වංචා සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ජාතිකයින් සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ කොච්චිකඩේ, තලංගම, පෝරුතොට සහ මාදිවෙල යන ප්‍රදේශවලදියි.

මෙරට රැඳී සිටින ඉන්දීය ජාතිකයින් පිරිසක් නීතිවිරෝධී අයුරින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මූල්‍ය ජාවාරමක් සිදු කරන බවට අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව පළමුව තලංගම – හීනටිකුඹුර ප්‍රදේශයේ නිවසක් වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සිටි ඉන්දීය ජාතිකයින් 19 දෙනෙකු, ලැප්ටොප් පරිගණක 09ක් සහ ජංගම දුරකථන 59ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන් කොච්චිකඩේ ප්‍රදේශයේ ලැගුම්හලක් වැටලූ අවස්ථාවේ තවත් ඉන්දීය ජාතිකයින් 30 දෙනෙකු ද අත්අඩංගුවට ගත්තේ ජාවාරම සදහා යොදා ගත් පරිගණක 40ක් හා ජංගම දුරකථන 38ක් ද සමගින්.

අදාළ ලැගුම්හල රුපියල් ලක්ෂ 02 බැගින් වූ මාසික කුලී පදනම මත ලබාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව මාදිවෙල ප්‍රදේශයේ නිවසක් සහ කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලූ අවස්ථාවේ මෙම ජාවාරමට සම්බන්ධ තවත් ඉන්දීය ජාතිකයින් 68 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ තහනම් කළ ඔන්ලයින් සූදු ජාවාරම මෙරටදී ක්‍රියාත්මක කර ඇති බවයි.

ඊට විවිධ පුද්ගලයින්, විවිධ ක්‍රීඩා සඳහා ඔට්ටු ඇල්ලීම් සිදු කර ඇති අතර ඊයේ පැවැති ඉන්දීය – එංගලන්ත ක්‍රිකට් තරගය සඳහා ද විශාල පිරිසක් ඔට්ටු අල්ලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *