වහාම විමර්ෂණය කරන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
2023 ජූනි මාසයේදී ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති හිටි හැටියේම ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ජෞෂ්ඨ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් 23ක් එලියට දානවා. වෘත්තීය සමිති වලට තොරතුරු දෙන අයව හොය හොයා දඩයම් කරනවා.
2023 ඔක්තෝබර් මාසයේ තමා
ඉමියුනෝග්ලොබියුලින් හොරකම පිළිබඳව නඩුව පැවරෙන්නේ.
ඒක කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තනියෙන් නෙවේ. ඖෂධ නියාමන අධිකාරිය ඇතුලේ රහස් යැයි රැක ගනිමින් හිටපු හොරකම් ගැන තොරතුරු හෙලිදරව් කරන්න වෘත්තීයවේදීන් හිටියේ නැත්නම්, ඉමුයුනෝග්ලොබියුලින් කියලා නඩුවක් අද නැති වෙන්න තිබුණා.
පරණ විධායක නිළධාරීයා අද රිමාන්ඩ් කරලා. ඒ වෙණුවට පත්කරපු එක්කෙනා තමා සවීන් සේමගේ කියන්නේ. දැන් එයාටත් ඕනේ තොරතුරු හංගන්න. වෘත්තීය සමිති දඩයම් කරන්න. කලින් එක්කෙනා ස්ථාන මාරු කලා විතරයි, දැන් එක්කෙනා කුණුහරුප කියලා බැන වදිනවා. සමහර අයට අතින් පයිනුත් පහර දෙනවාළු.
මේක අපිට සැක සහිතයි. සමහරවිට ඉමියුනෝග්ලොබියුලින් වගේ තව හොරකමක් වෙමින් තිබෙනවා වෙන්න පුළුවං. ඒ නිසා මේ තර්ජන ගැන, ඒවා කරන්න තියන බරපතල වුවමණාව ගැන විමර්ෂණ කරන්න කියලා අපි අද අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිත පැමිණිල්ලක් මගින් ඉල්ලා සිටියා.
තොරතුරු හෙලිදරව් කරනවා කියලා, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු වෘත්තීය සමිති නායකයෙක්ව අනිවාර්යය නිවාඩු යවලා තියෙන්නේ අධිකාරියේ සභාපති, ආනන්ද විජේවික්‍රම මහතාගේ අත්සනින්. පහුගිය කාලේම සම්මන්ත්රණ තියමින්, දේශණා පවත්වමින්, අධිකාරියේ රහස් තොරතුරු ප්‍රසිද්ධියේ සාකච්චා කල එතුමා තව කෙනෙකුට කොහොමද එහෙම චෝදනාවක් කරන්නේ. කලින් චෝදනා වල අරමුණ පුටුව මාරු කර ගන්න එක විතරමද, අළුත් පුටුවේ ඉඳගත්තාට පස්සේ විනිවිද පෙනෙන පාළණයක් හදන්න දීපු පොරොන්දු බොරුවට කියපවාද කියලා අපි ඔහුගෙන් අහනවා.
රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය