කංජිපානි සිටින තැන මම දන්නවා – ටිරාන්

කංජිපානි ඉම්රාන් සිටින තැන තමා දන්නා බවත් එය මාධ්‍ය වෙත හෙළි නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ අද (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කර සිටියේ, කංජිපානි ඉම්රාන් සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය නාලිකා මඟින් හෙළි කර ඇති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් පවසන ආකාරයට කාංජිපානි ඉම්රාන් සිටින තැන නිවැරදි නැහැ. සමහරු පවසන්නේ එම කටයුතු ඔවුන්ට භාර දෙන්න ගෙනල්ලා දෙන බව,නමුත් එම කාරණ කිසිදු සත්‍යතාවයක් නැහැ.

මෙරට බුද්ධි අංශ මඟින් ලබා දෙන තොරතුරු නිවැරදියි. ඔහු සිටින ස්ථානය මම දන්නවා. කංජිපානි ඉම්රාන්ව විදේස් රටකදී අත්අඩංගුවට ගැනීමක් මෙතෙක් වාර්තා වෙලා නැහැ”යැයි අමාත්‍යවරයා කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *