කටුගස්තොට සිදුවූ මාරක අනතුර

කටුගස්තොට පේරාදෙණිය මාර්ගයේ ගොහාගොඩ අසලදී කටුගස්තොට දෙස සිට පේරාදෙණිය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ වම් පසට ඇදී ගොස් කාන්තාවකගේ හා ඇගේ 05 හැවිරිදි මුණුබුරාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගේට්ටුවකද ගැටී ඇතැයි පොලිසිය පවසනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව මහනුවර ජාතික රෝහලටද දරුවා පේරාදෙණිය ළමා රෝහලටද ඇතුළත් කර ඇති අතර, එහිදී කාන්තාව මියගොස් තිබෙනවා.

මිය ගිය කාන්තාව 76 හැවිරිදි ගොහාගොඩ, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරුද තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනතුර සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *