කඩාකප්පල් ක්‍රියා හරහා දේශපාලන බලය ලබා ගන්නා වැඩසටහන් අපි ළඟ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අද වන විට අප රට ගොඩගන්නා වැඩසටහනට රට ගොඩනගන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය නායකත්වය ශක්තිය ලබා දෙන බවත් අප රට සහ එහි ජීවත් වන ලක්ෂ 220 ජනතාව අභියෝග රැසකට මුහුණ දී ඇති නිසා සමගි ජන බලවේගයෙ ගමන ධනාත්මක ප්‍රගතිශීලී වියයුතු බවත් මහමැතිවරණයේදී වරමක් ඉල්ලන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා හරහා රට දුර්වල කිරීමට හෝ අකර්මණ්‍ය කර දේශපාලන ජයග්‍රහණය ලබා ගැනිමට නොව රට ගොඩගන්නා වැඩසටහනට ප්‍රතිපත්ති නිර්මාණය කරන්නට අවශ්‍ය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමේ වරම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මැදකොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

ජනතාව හැකිලුනු ආර්ථිකයක් තුළ ප්‍රශ්න රැසකට මුහුණදෙන බවත් ජන ජීවිත දුෂ්කර වී දශලක්ෂ ගණනින් දුප්පත්කම වැඩි වී ඇති බවත් ග්‍රාමීය නාගරික හා වතු දුප්පත්කම වැඩිව ඇති බවත් එයට විසදුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ අරමුණ ආර්ථික වර්ධනය

සමගි ජන බලවේගයේ අරමුණ නිශ්චිත ප්‍රතිපත්තියක් තුළින් දුප්පත්කම තුරන් කර ආර්ථික වර්ධනය විශාල කිරීම බවත් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ රටේ ජනතාවට ලැබෙන වැඩපිළිවෙළක් බවත් සමගි ජන බලවේගයේ ගමන තුළ ධනාත්මක ඉලක්ක ඇති බවත් ඒ තුළින් කාන්තාවන් වැඩිහිටියන් දරුවන් විශ්‍රාමිකයන් ඇතුළු ජන සමාජයේ සියලු දෙනාටම සතුටු දායක ආර්ථික වශයෙන් ශක්තිමත් ජීවිතයක් උදා කරලිම වගකීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආයෝජකයින් බය නැතිව රටට එන්න

පසුබැමකට ලක් වුවත් මේ රටට එන්නට අපේක්ෂාවෙන් සිටින සියලු ආයෝජකයන්ට ආරාධනා කර ඔවුන්ට පුර්ණ සහාය දෙන බවත් සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කර රටේ ආර්ථිකය වර්ධනය කරණ බවත් අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආරම්භ කරන අයට පුර්ණ සහය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි ගාව වෛරී කුහක දේශපාලනය නැහැ

දේශපාලන පසුබැමකට ලක වුවා කියා කුහක ඊර්ෂයාකාරී වෛරී දේශපාලන තමා ළඟ නොමැති බවත් හැමෝම අත්වැල් බැද ගෙන රට ගොඩනගන ගමනට ශක්තියත් වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *