කර්මාන්ත ඇමැති සුනිල් හදුන්නෙත්ති මැනික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් මලු හොයයි

ජාතික ජන බලවේගයේ නව රජයේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය කැබිනට් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ
නීරීක්ෂණය චාරිකාව යෙදුණා. රාජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ , අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර , ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නලින් සූරියාරච්චි සහභාගි වුණා.

ආයතනයේ සේවක සේවිකාවන් ඇමතීමෙන් අනතුරුව ගොඩනැගිල්ලේ පිහිටි අධිකාරියට අයත් අංශවලට ගමන් කරමින් එම අංශ සිදුවන කාර්යය හා කාර්යයන් ප්‍රවර්ධනයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එම අංශභාර නිලධාරීන් සමග සාකච්ඡා කිරීමක්ද සිදුකළා.

කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න අපි අපනයනය වැඩි කරන්න ඕනේ

විශේෂයෙන්ම අපේ නිෂ්පාදන ආර්ථිකය වැඩි කරන්න ඕනේ

අපේ මූලික ප්‍රතිපත්තිය තමයි ජාතික නිෂ්පාදන ආර්ථිකය වැඩිකිර ගැනීම සඳහා ජනතාව එකතු කර ගැනීම

නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කළාට ඒකේ ලාභය බෙදා ගත්තේ ටික දෙනයි

මේකේ සභාපතිකම ගන්න වැඩියෙන්ම application ආපු ආයතනයක්

එහෙම ඉල්ලුම් කරන අය මේ ආයතනයට මොකක් හරි සම්බන්ධකමක් තියෙනවා

එනිසා තනතුරු ඉල්ලපු අයට තනතුරු ලබා දුන්නේ නෑ සභාපතිකම ඉල්ලන්නෙම මේ ආයතනය ගැන රහ දන්න කට්ටිය

මේ ආයතනයට මෙතෙක් කල් පැමිණියේ මැණික් ගැන දන්න අය මැණික්වලින් හම්බ කරන්න දන්න අය ඒ අයගේ මඩිය තර කරගන්න අය

අපිට එහෙම අය අවශ්‍ය නෑ අපිට ඕනේ මැණික් වලින් ජාතික ආර්ථිකයට සංවර්ධනයක් ලබා දෙන සභාපතිකෙනෙක්

මගේ අමාත්‍යංශය යටතේ තියෙනන සියලු ආයතනය අවුරුද්දක් ඇතුළත ලාභ ලබන මට්ටමට අපි ගේනවා

පසු ගිය කාලයේ රටේම ණය ගෙවන්න පුළුවන් කියලා මැණික් හම්බ වුනා ඒවා කෝ

ඒ මැනික් ප්‍රදර්ශන මට්ටමේ තියෙන ඒවා විතරයි මැණික්ම නෙමෙයි

What's your reaction?

Related Posts

1 of 469

Leave A Reply

Your email address will not be published. Required fields are marked *