කරාපිටිය රෝහලේවෛද්‍ය වර්ජනය අවසන්

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරු ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

රෝහලේ පිලිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කෙරුණු අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ජාතික රෝහලේ ලේකම් වෛද්‍ය අසංක කෝණාර කියා සිටියේ අදාළ වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරු කර යවන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලබාදුන් පොරොන්දුව මත මෙම වර්ජනය අවසන් කළ බවයි.

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *