කල්පිටියේ දූපත් පහක් රජයට බදු පොලු තියලා

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් කෝටි 06කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්.

ඒ ඉප්පන්තිව් වෙල්ලයි, සින්න ඉරමතිව්, ඉරමතිව් බටහිර දූපත, සින්න ආරච්චල් සහ ඉරමතිව් යන දූපත් බද්දට ගනු ලැබූ ආයෝජකයින්ගෙන්.

එමෙන්ම කල්පිටියේ තවත් දූපත් හයකට අයත් ඉඩම් අක්කර 457ක් ජනපති නිදහස් දීමනා ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට පවරා තිබුණද, එම ඉඩම් ආයෝජන සඳහා යොමු කිරීමට වසර 10කට වැඩි කාලයක් ගත වී තිබූ බවද එම වාර්තාවේ සඳහන්.

මේ තොරතුරු සඳහන් වන්නේ සංචාරක සංවර්ධන ප්‍රදේශ සහ සංචාරක ව්‍යාපෘති සංවර්ධන කර්මාන්තයට දායක කරගැනීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ වන අතර, යාල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයිද එම වාර්තාවේ දැක්වෙනවා.

එහිදී යාල, පලටුපාන සංචාරක කලාපයේ විවිධාංගිකරණය වූ පාරිසරික අත්දැකීමක් සංචාරකයන්ට ලබාදීමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බවයි එහි සඳහන්.

එමෙන්ම, දුන්හිඳ ඇල්ල ආශ්‍රිතව පරිසර හිතකාමී කඩ විස්සක් ඉදිකිරීමේ ව්‍යාපෘතියද කඩ කාමර කොටසක් නිම කිරීමෙන් පසු නතර කර ඇති බවත්, ඉදිකිරීම් ප්‍රමිතියකින් තොරවීම හා අධිකාරියේ සමීප අධීක්ෂණයක් නොමැතිවීම ඊට හේතු වී තිබූ බවත් එම විගණන වාර්තාවේ සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *