පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මාතලේ රෝහල ආසන්නයේ පුද්ගලික රෝහලක රසායනාගාරයන් පරීක්ෂා කිරීමේදී එම ආයතනය මගින් පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ රසායන ද්‍රව්‍ය කල් ඉකුත්වීම මත සහ කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය කල් ඉකුත් නොවූ රසායන ද්‍රව්‍ය සමග භාවිතා කිරීම සම්බන්ධව වැටලීමක් සිදුකර ඇත.
එහිදී කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය හා උපකරණ පාරිභෝගික අධිකාරිය භාරයට ගත් අතර ඒවා මාතලේ අධිකරණයට ඉදිරිපත් කර එම ආයතනයට විරුද්ධව නඩු පැවරීමට නියමිතයි.
රසායනාගාර වල භාවිත කරනු ලබන උපකරණ හා රසායන ද්‍රව්‍ය කල් ඉකුත්වීම සම්බන්ධව නිරන්තරව පරීක්ෂා කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ආයතන වලට දැනුම් දෙන අතර අධිකාරිය මගින් සිදු කරනු ලබන වැටලීම් වලදී එවැනි ආයතන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් තවදුරටත් සිදු කරනු ඇත.