“කලාපයේ රටවල් 11 ක් අතුරින් ඉහළම සෞඛ්‍ය සේවාවක් ම‍ෙරට පවතිනවා”

කලාපයේ රටවල් 11 ක් අතුරින් ඉහළම සෞඛ්‍ය සේවාව පවතින රට ලෙස මෙරට සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ඉළක්කයන් ද ජයගැනීම අරමුණ වන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය හෙද අධ්‍යාපන කටයුතු සදහා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

වර්තමානය වන විට ළමුන් 425 ක් හෙද අධ්‍යාපනය ලබන මාතර හෙද විදුහලට ලැබුනු මෙම නව දේශණ ශාලා සංකීර්ණය දේශණ ශාලා 04 කින් සමන්විතය.

එක් දේශණ ශාලාවක එකවර ළමුන් 100 කට ආසන්න ප්‍රමාණයකට දේශණවලට සවන් දීමේ හැකියාව ඇත. පුස්තකාලයක්, තාක්ෂණික ඒකකයක්, ප්‍රායෝගික ක්‍රියාකාරම් අංශ 02 ක් සහ නවීන උපකරණ වලින් සමන්විත 200 කට පමණ රැස්විය හැකි ශ්‍රවණාගාරයක් ද මෙහි වේ.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ අද වනවිට මෙරට තිබෙන හොදම හෙද විදුහලක් සතු සියළු පහසුකම් මෙම හෙද විදුහලට ලැබී තිබෙන බවයි.

එමෙන්ම මෙරට රෝගී ජනතාවට වඩා හොද, ගුණාත්මක, ප්‍රශස්ත, රෝගී හිතකාමී සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකිවන බව ඔහු කියා සිටියා.

එමෙන්ම උත්සව, සමරුපළක වලින් තොර විවෘත කිරීම් සිදු කරන අළුත් සංස්කෘතියක් සෞඛ්‍ය සේවාව තුල ඇති කර තිබෙන බවත්, අත්‍යාවශ්‍ය පුටු මිලදී ගැනිම සදහා රුපියල් ලක්ෂ 35 ක මුදලක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ලේකම්වරයා මෙහිදී කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 450

Leave A Reply

Your email address will not be published. Required fields are marked *