කලු කඩ මුදලාලිට වැඩ වැරදේන ලකුනු

විදේශිකයන් ඇතුළු සංචාරකයින් රවටමින් ආහාර අලෙවි කරන වෙළඳසැල් සොයා පුලුල් වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව, මෙහි පළමු අදියර ගාලු‍ මුවදොර, හික්කඩුව, ඇල්ල වැනි ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

විදේශිකයෙකු රවටා රුපියල් 800ක මුදලකට තේ කෝප්පයක් සහ වඩයක් අලෙවි කිරීමට පුද්ගලයෙකු කටයුතු කළ ආකාරය අප පසුගියදා හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණය කළ අතර, මොරගොල්ල සංචාරක පොලිසිය ඊයේ (18) පස්වරුවේ එම පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අංශය ද එම වැටලීම සඳහා එක් වූ අතර, එහිදී හෙළි වුණේ අදාළ පුද්ගලයා එම වෙළෙඳසැළේ වෙළෙන්දෙකු නොව ත්‍රිරෝද රථ රියැදුරෙකු බවයි.

එමෙන්ම, කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී සංචාරකයෙකුට අධික මුදලකට කොත්තුවක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු හිරු අනාවරණයෙන් පසු අත්අඩංගුවට ගැනුණා.

මෙවැනි පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභොගික සේවා අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශය අධ්‍යක්ෂක සංජය ඉරසිංහ කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *