කවුරු කාට ඡන්දය දුන්නත් 2028 සිට නැවතත් ණය ගෙවන්න වෙනවා. ඒ නිසා රට ගොඩගත හැකි දර්ශනයක් සහිත කණ්ඩායමට බලය ලබා දෙන්න – සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුළ රු. 57500ක අවම වැටුපක්, රු. 25000 දක්වා ජීවන වියදම් දීමනවා, 24%ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් සහ 6-36% දක්වා ඇති බදු සූත්‍රය 1-24% දක්වා අඩු කරන බව පැවසූ බවත් එයට ප්‍රතිවාදීව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ශ්වය මාස 6න් 6ට වැඩුප් වැඩි කරනවා කිව්වත් අද වන විට වැටුප් වැඩි කළ හැක්කේ භාණ්ඩාගාරයේ තත්ත්වය බලා යනුවෙන් පවසන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රට 2-028 සිට ණය ගෙවන්න හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගිවිසුම් ගතව ඇති බවත් අයි එම් එෆ් එක ලිඛිතව 2033 සිට ණය ගෙවන්න කිව්වත් හිටපු ජනාධිපතිවරයා එය 2028 දක්වා අඩුකර ඇති බවත් 2028 සිට ණය ගෙවීම ආරම්භ කරන්න නම් අප රටේ ආර්ථිකය විශාල ප්‍රමාණයකින් ශක්තිමත් කර විදේශ විනිම සංචිත තිබිය යුතු බවත් ඒ සඳහා සුදුසු ආර්ථික වැඩපිළිවෙළක් දර්ශනයක් තිබිය යුතු බවත් ඉදිරි වසර 4 තුළ වේගවත් ආර්ථික සංවර්ධනයක් තිබිය යුතු වුවත් මේ යන විදිහට ගියහොත් 2028 සිට ණය ගෙවන්න බැරි බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහරගම සංවිධායක ගාමිනී තිලකසිරි මහතාගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.

මීට වඩා සහනදායී අයි එම් එෆ් ගිවිසුමකට යා හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බවත් ජනතාවගේ කරපිට පීඩනය අවම කරන ගිවිසුමකට යා හැක්කේ සමගි ජන බලවේගයට බවත් මේ සඳහා දක්ෂතාවෙන් කුසලතාවෙන් නිපුණතාවෙන් හෙබි කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන්න තමාට ගැටලුවක් නොමැති බවත් අන්තවාදී ලෙස සිතා කරන කියන හැමදේම පක්ෂග්‍රාහී වී දේශපාලන තීන්දු තීරණ ගන්න අය එක්ක ප්‍රශ්න ඇති වුවත් තමාට එවැනි ප්‍රශ්න නොමැති බවත් ලක්ෂ 220 ජනතාවගේ ජීවිත එක්ක තමා සෙල්ලම් නොකරන බවත් අවංකම පිරිසුදුව හොද දැක්මක් තුළ අඩුපාඩු පෙන්වා දී විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ නායකත්වය තුළ ක්‍රියාත්මක පාර්ලිමේන්තු බහුතරයක් හරහා වත්මන් ජනාධිපතිවරයා සමඟ රට වෙනුවෙන් කැපකිරීම් කළ හැකි බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටක් ලෙස ශක්තිමත් වීමට නම් ආර්ථික වර්ධනය වේගවත් කළ යුතු බවත් ඒ සඳහා හේතුවන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් 260000කට ආසන්න ප්‍රමාණයක් වැසී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහනයක් ලෙස තාවකාලිකව අහෝසි කළ පරාටේ නීතිය දෙසැම්බර් 15 අහෝසි වී නැවතත් දේපල වෙන්දේසි වන බවත් මේ අය ගැන සිතිය යුතු බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ කවුරු කාට ඡන්දය දුන්නත් 2028 සිට ණය ගෙවන්න සිදුවන බවයි.

NEWS CLIP ☎ https://youtu.be/li6so3SmaEk?si=nNbJ0p4zUXJlSMSk

What's your reaction?

Related Posts

1 of 358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *