කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු යන එකොළොස්දෙනා තෝරන්න අපේක්ෂකයෝ 392ක් තරග බිමේ

කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු යන එකොළොස්දෙනා තෝරන්න අපේක්ෂකයෝ 392ක් තරග බිමේ .ඡන්දය දෙන්නත් දස ලක්ෂ විසිහතර දහස් දෙසිය හතළිස් හතරක් ලියාපදිංචි වෙලා.

අලුත්ගම තුසිත කුමාරද සිල්වා

මෙවරපාර්ලිමේන්තුමැතිවරණය වෙනුවෙන් කළුතරස්ත්‍රික්කය සඳහාඡන්ද දායකයින් 102,4244ක් ලියාපදිංචි වී ඇති බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් ජනකක කේ ගුණවර්ධනමහතා පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය තුළ  ඡන්ද මධ්‍යස්ථාන 735කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

මේ අතරඡන්ද මධ්‍යස්ථාන හත්සිය තිස් පහක් වෙනුවෙන් පොලිස් නිලධාරීන්1460ක් මධ්‍යස්ථාන ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ වෙනුවෙන් සමස්ත ආරක්ෂාව සඳහා තවත් පොලිස් නිලධාරීන් හාරදහසක් පමණ යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
වැඩිම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූ 159784ක් බණ්ඩාරගම ආසනයෙන් වන අතර 146301ක් සංඛ්‍යාව බණ්ඩාරගම ආසනයට දෙවෙනි වන්නේ හොරණයආසනය අතර තෙවනියට වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින්නේ බේරුවල ආසනයයි එම සංඛ්‍යාව133 306වේ.  කළුතර දිස්ත්‍රික්කයේ  අඩුම ඡන්ද දායක සංඛ්‍යාව වන 90,247 ක් වන සංඛ්‍යාව වාර්තා වන්නේ බුලත් සිංහල ආසනයෙන් වන අතරඅනෙකුත් ආසනවල  ලියාපදිංචි ජන්ද දායක සංඛ්‍යාවන් වශයෙන් කළුතර 1330991ක්, පානදුර128281ක්,  මතුගම 123841ක්, සහ අගලවත්ත 109393ක්, ලියාපදිංචි වී ඇත.

මෙවර කළුතර දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තු සභිකයන් එකොළොස් දෙනෙකු තේරිපත්වීමට නියමිත අතර ඒ සඳහා ප්‍රධාන පක්ෂ 14ක අපේක්ෂකයන් 238ක් ද ස්වාධීන කණ්ඩායම් එකොළහක 154 දෙනකු ඇතුළුව සමස්ත අපේක්ෂක සංඛ්‍යාව392ක් මෙම මන්ත්‍රී ධූර එකොළහ වෙනුවෙන් කළුතර මැතිවරණයට තරග කරයි.

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *