කළු ගඟේ මැණික් සොයන්න ගිය පුද්ගලයා දිය යටදීම ජීවිතක්ෂයට

හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයෙන් කළු ගඟේ මැණික් තිබේදැයි පරීක්ෂා කිරීම දිය යට කිමිඳුණු පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෝරුවදණ්ඩ, මාපුටුගල, ගර්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙක් සමඟ බෝට්ටුවක නැඟී කළු ගඟේ මැණික් ගැරීමට සුදුසු ස්ථානයක් පරීක්ෂාකර බැලීම සඳහා ගොස් තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයා වතුරට පැන කිමිඳී ඇති අතර, විනාඩි කිහිපයක් ගත වුවත් නැවත ඔහු උඩට නොපැමිණිමේ හේතුවෙන් බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයෙක් දියට පැන කිමිඳී ඔහුව සෙවීම ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී දිය යට රිටක් අල්ලාගෙන සිටින අයුරු දැක ඔහුව වහා බෝට්ටුවට වෙත රැගෙන හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔහු ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මෙම පුද්ගලයා දියේ ගිලුණු ස්ථානයේ මීට පෙර ද දියේ ගිලීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) හොරණ මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *