ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැති 52 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ අවසන් තරගය වූ බංග්ලාදේශ – ඇෆ්ගනිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ Arnos Vale Ground, Kingstown, St Vincent හිදී පැවති තරගයේදී බංග්ලාදේශය ලකුණු 08කින් පරාජයට පත් කරමින්.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.

Rahmanullah Gurbaz ලකුණු 43ක්ද, නායක Rashid Khan නොදැවී ලකුණු 19ක්ද, Ibrahim Zadran ලකුණු 18ක්ද රැස් කළා.

අනතුරුව ලකුණු 116ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට වරින් වර ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවූ අතර, ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ තරගය පන්දුවාර 19කට සීමා කරමින් බංග්ලාදේශයට ලකුණු 114ක ඉලක්කයක් හිමි වුණා.

එහිදී බංග්ලාදේශය පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 105 ක් පමණයි ලබා ගැනීමට සමත් වුණේ.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය පළමුවරට ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, අවසන් පූර්ව වටය පෙනෙන මානයේ සිටි ඔස්ට්‍රේලියාවට එම තරගය අහිමිව යනු ලැබුවා.

ඊයේ Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර, ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 205ක් ලබා ගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 206ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කරගත් හැකි වුණේ ලකුණු 181ක් පමණයි.

ඒ අනුව, මෙම තරග ජයග්‍රහණයත් සමග ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, එංගලන්තය සහ ඉන්දියාව අතර අවසන් පූර්ව වටයේ තරගය ජූනි 27 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට Providence Stadium, Guyana පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, අනෙකුත් කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අවසන් පූර්ව තරගය ජූනි 27 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.00ට Brian Lara Stadium, Tarouba, Trinidad හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *