ක්‍රිකට් හදන හැටි අර්ජුන කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයක් අභියසදී කණ්ඩායම තේරීම ප්‍රමාද නොකළ යුතු බවත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් දක්ෂ බවත් ඔවුන්ට නිසිලෙස පුහුණුව සඳහා කාලයක් ලබාදිය යුතු බව හිටපු කැබිනට් අමාත්‍ය හා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (05) ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වන්දනාමාන කර ගැනීමට පැමිණි අවස්ථාවේ දී.

තමන් ඊයේ තලවාකැලේ දිගම්බරම්ගේ වේදිකාවට නැගීම පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ එම වේදිකාවටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැමිණි බවත් එතුමා දූෂණයට වංචා වට එරෙහිව කටයුතු කිරීම අගය කරන බවයි .

තමන් ඉදිරියේදී කාට ද සහාය දක්වන්නේ කියා විමසා සිටීමේදී සඳහන් කළේ පුද්ගලයකු නොව රට ගැන හිතන හොඳ පිරිසක් සිටින කණ්ඩායමක් ඇති කිරීම අරමුණු කරගෙන කටයුතු කරන අතර, පක්ෂ පාට බේදයකින් තොර රට ගැන හිතන රටට ආදරය කරන පිරිසකට මෙම රට භාර දිය යුතුව ඇති බවයි.

ජනාධිපතිතුමා වටේට හොරු තියාගෙන වේදිකාවේ කරන ප්‍රකාශ වැදගත් නොවන බවයි ඉදිරියට එන මැතිවරණවලදී හොදින් සිතා බලා තීරණය ගත්තේ නැති නම් රට අගාධයට ඇද දැමීමට කටයුතු කිරීමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *