ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ලඟා වූ වේගවතම යූටියුබ් නාලිකාවේ ලෝක වාර්තාව තබා තිබෙනවා.

UR.Cristiano නම් මෙම නාලිකව නිකුත් කර ගතවූ පලමු මිනිත්තු 90 ඇතුලත මෙම කඩයිම් පසු කර ඇති අතර මේවන විට එය ග්‍රාහකයින් මිලියන 10ද පසු කර අවසන්.

මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ වේගයෙන්ම මිලියනයේ කඩයිම පසුකර යූටියුබ් නාලිකාවයි.

මීට පෙර සුප්‍රසිද්ධ Sidemen නම් බ්‍රිතාන්‍ය යූටියුබ් සමූහයක අනුබද්ධ නාලිකාවක් වන ‘Sidemen Reacts’ මෙම වාර්තාව තබා තිබුනා.


What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *