ජාතික ජන බලවේගයේ නව රජයේ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමා කොළඹ 07 රීඩ් මාවතේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී වැඩභාර ගැනීම සිදුකළා.
ක්‍රීඩා අමාත්‍යාංශයට පෑමිණි එතුමා පිළිගැනීම සිදු කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා විසින්. මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන වල නිලධාරීන් ක්‍රීඩා සංගම්වල නිලධාරි ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වුණා.
වැඩ භාර ගැනීමෙන් අනතුරුව එතුමා ක්‍රීඩා යෞවන කටයුතු ක්ෂේත්‍රය සම්බන්ධව නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දැක්වීම සිදු කළා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද පිළිතුරු ලබා දුන්නා.
ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ රාජකාරී සිදු කරන සේවක සේවිකාවන් හා මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස හමුවීම සඳහා විශේෂ උත්සවයකට සහභාගි වුණා.