කාන්තාවන් හා දරුවන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව නීති සම්පාදනය විය යුතු යි – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

අප රට පත්ව ඇති මේ අවාසනාවන්ත බැරෑරුම් තත්ත්වය තුළ දිනෙන් දින දරුවන්ගේ, ළදරුවන්ගේ, මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ අයිතින් උල්ලංඝනය වන බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව ළමා මන්දපෝෂණය ගැන ලැබෙන ආරංචි සුබවාදී නොවන බවත් එම නිසා දරුවන්ගේ කාන්තාවන්ගේ අයිතිය ශක්තිමත්ව සුරක්ෂිත විය යුතු බවත් මූලික අයිතිවාසිකමක් ලෙස ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හොඳ ශක්තිසම්පන්න දරු පරපුරක් සිටිනවා යනු හොඳ ශක්ති සම්පන්න පුරවැසි පරපුරක් නිර්මාණය වීම බවත් එය හොඳ නිෂ්පාදන ධාරිතාවකට බලපාන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට ද බලපාන බවත් මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ මන්දපෝෂණය ළදරුවන්ගේ මන්දපෝෂණය හා දරුවන්ගේ මන්දපෝෂණය වර්ධනය වීම සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් බිහි කිරිමට දැඩි ලෙස බලපාන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේග හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රත්මලාන ආසන ක්‍රියාකාරී හමුවකදීය.

පාස්කු ප්‍රහාරය, කොරෝනා කෝවිඩ්, බංකොලොත්භාවය යන ත්‍රිත්ත ඛේදවාචක නිසා බරපතල ඛේචවාචක නිර්මාණය වූ බවත් ඒ තුළින් අසහනයට පත් වන්නේ දරුවන්, ළදරුවන්, මව්වරුන් හා කාන්තාවන් බවත් අද වන විට කාන්තා අයිතිය පවා දිගින් දිගටම උල්ලංඝනය වන බවත් නිවසේදී මහමගදී වැඩබිමේ දී කාන්තාව හිංසනයට ලක්වන බවත් 52%ක් වන කාන්තාවන් හිංසනයට ලක්වන නිසා මව්වරුන්, කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් විශේෂිත වූ නව නීති සම්පාදනය විය යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම සමගි ජන බලවේගය ජයගත් පසු ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික හා දේශපාලන අයිතීන් මානව හා මූලික අයිතින් ලෙස ශක්තිමත් කෙරෙන නීති සම්පාදනයකට යොමුවන බවත් මේ බරපතල ප්‍රශ්නයෙන් පැන යා නොහැකි බවත් මෙරට කාන්තා පරපුරට මව් පරපුරට ළදරු පරපුරට මුල් තැන ලබා දිය යුතු බවත් රජයේ න්‍යාය පත්‍රයේ ළදරුවන්ගේ දරුවන්ගේ මව්වරුන්ගේ කාන්තාවන්ගේ අයිතින් ආරක්ෂා කිරීම ඉහළම තැනක තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

NEWS CLIP ☎ https://youtu.be/x4tFHwv-Kdc?si=A9hJFKXoK5GgzulF

What's your reaction?

Related Posts

1 of 325

Leave A Reply

Your email address will not be published. Required fields are marked *