කාලය පස්සට යැවු තිලින

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන් සේවයට වාර්තා කිරීමට යොදා ඇති ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ආපස්සට සකස් කර තිබූ පැය භාගයක වේලාව නියමිත ආකාරයෙන් සකස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එහි ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මින් පෙර අධිකරණය වෙත නිලධාරීන් බොහොමයක් වාර්තා කර ඇත්තේ පෙරවරු 9.30ට වන අතර එහෙත් ඇඟිලි සළකුණු යන්ත්‍රයේ සටහන් වී ඇත්තේ පෙරවරු 9 බවට මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමසා බැලීමේ දී එම යන්ත්‍රය බොහෝ කාලයක් තිස්සේ පැය භාගයක් පසුපසින් වේලාව සකස් කර ඇති බවට නිරීක්ෂණය වී තිබුණා.

පෙරවරු 8 වනවිට නව තනතුරේ වැඩ භාරගැනීම සඳහා මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ පරිශ්‍රය වෙත වාර්තා කර ඇතත් නිලධාරීන් බොහොමයක් පැමිණ ඇත්තේ පෙරවරු 9ත් 9.30ත් අතර බවට අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.

නව තනතුරේ වැඩ භාරගනිමින් පැවැති අවුරුදු කෑම මේසයේ දී පවා මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවයි අප් වාර්තාකරු සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *