කැම්පේන් එක එනකම් නාට්‍ය ටික රඟපුදෙන්

ඇතැම් අය ජනාධිපතිවරණයේ රංගනයේ යෙදෙන බවත් ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු තවමත් ආරම්භ කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (31) පොදු ජන පෙරමුණේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

පොදුජන පෙරමුණ පක්ෂයේ ඡන්ද තියෙන්නේ මහින්ද රාපක්ෂට පමණක් බවත් කවුරු පක්ෂය හැර ගියත් ඒ අයට මේ පක්ෂයට ඇති ඡන්ද පදනම අඩු වීමක් සිදු නොවන බව ඔහු කියා සිටියා.

වැඩි ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගෙන, අලුත් ඡන්ද ගන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව ඔහු පවසා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *