කැලණි මිටියාවතේ ගංවතුර තත්වයද ක්‍රමයෙන් පහව යමින් පවතිනවා.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා. ක්‍රමයෙන් වැසි සහිත කාලගුණය පහව යාම හේතුවෙන් ජලයෙන් යට වූ කැලණි මිටියාවතේ ගංවතුර තත්වයද ක්‍රමයෙන් පහව යමින් පවතිනවා.

කැලණිමුල්ල බෝධිය පටුමග ප්‍රදේශය ගංවතුර හේතුවෙන් අඩි 11ක ප්‍රමාණයක් ජලයෙන් යටවුණා. එය මේ වන විට අඩි 05ක් දක්වා අඩු වී ඇතැයි අප ප්‍රාදේශීය වාර්තාකරුවෙකු සඳහන් කළා. ජලය බැස යාමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් ජලය බැස යාමට දීන ගණනක් ගතවන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

කලක් තිස්සේ මේ දක්වාම විවිධ ආණ්ඩු මඟින් හා දේශපාලඥයන් විසින් ජල පොම්පාගාර ආදිය ලබාදෙන බවට බොරු පොරොන්දු දුන්නද මෙම ගැටලුව සඳහා නිශ්චිත පියවරක් ගෙන නොමැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. අනවසර ගොඩකිරීම්, ක්‍රමානුකූල කාණුන් පද්ධතියක් නොමැති වීම මත මෙම ආපදාවන්ට මුහුණ දීමට තමන්ට සිදුවන බවට ඔවුන් වැඩිදුරටත් පවසා සිටී. මීට මාස හතරකට පෙරද මෙම ප්‍රදේශයට මෙවැනි ම ගංවතුර තත්ත්වයක් ඇතිවුණා. ඒ හේතුවෙන් මේ සඳහා කඩිනමින් පියවර ගෙන දීර්ඝකාලීන විසඳුමක් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් බලයලත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *