කෑගල්ල ප්‍රදේශයේදී පස් කන්දකට යටවී කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක කුඩා දරුවෙක් වන අතර එම දරුවාගේ නිවසේ පසුපස ආරක්‍ෂිත පැතිබැම්මක් ඉදිකිරීම සඳහා අද උදෑසන කාණුවක් කපා තිබී ඇත.

කුඩා දරුවා එම කාණුව තුළ සිටි අවස්ථාවේ ඊට ඉහළින් පිහිටි පස් තට්ටුවක් කුඩා දරුවා මතට කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

අනතුරුව එහි පැමිණි පිරිස දරුවා මතට වැටී තිබූ පස් ඉවත්කර කඩිනමින් කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ගෙනගොස් තිබුණි.

එහිදී අනාවරණය වී ඇත්තේ එම දරුවා මියගොස් ඇති බවය.

කෑගල්ල පොලීසිය එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

What's your reaction?

Related Posts

1 of 1,005

Leave A Reply

Your email address will not be published. Required fields are marked *