”කියපු බොරු එළිවෙනකොට කෙඳිරි ගාන්න නම් එපා” මනුෂ ආණ්ඩුවට කියයි

ආණ්ඩුව ගැන රජයේ සේවකයෝ කළ කිරිලා.

පෙට්‍රල් ලීටරයකින් රුපියල් 200 ක් සාක්කුවට දාගන්න මේ ආණ්ඩුවේ ඇමති කවුද.

ජනාධිපතිවරණ සමයෙදී කියු බොරු එළිවීම නිසා මේ වන විට ආණ්ඩුව බරපතල අභියෝගයකට මුහුණ දෙමින් සිටිනා බවත්, තුනෙන් දෙකක් ගන්න බව කී ආණ්ඩුවට සරළ බහුතරය ලබාගැනීම පවා ගැටළුවක්ව ඇති බවත් හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර පැවසීය .

පොරොන්දු වු වැටුප් වැඩි නොකිරීම නිසා රජයේ සේවකයන් කලකිරී සිටිනා බවත්, ආණ්ඩුව තමුන් රැවටූ බව ඔවුන්ට අවබෝධවීම තැපැල් ඡන්ද භාවිතය අඩුවීමට හේතුව බවත් ඔහු සඳහන් කළේය .

ඉන්ධන මිල අඩු කිරීම, භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට ඔහු මෙසේ පිළිතූරු දුන්නේය.

”තැපැල් ඡන්ද භාවිතයේ අඩුවක් අපිට පේනවා . මං හිතන්නේ අර තිබිච්ච රැල්ල නිමවෙමින් තිබෙනව . ඒ වගේම තමන් රැවටුනාදෝ කියල සමහරුන්ට තියෙන සැකයත් එක්ක වෙන්නැති මේ අඩුවීම ඇතිවෙලා තියෙන්නේ. ඒවගේම අපිට දැනෙන රජයේ සේවකයෝ තමන්ගේ වැටුප් වැඩිනොවීම පිළිබඳව කණගාටුවෙන් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තු සුන් වීමක් වෙලා තියනවා . තැපැල් ඡන්ද අඩුවීමට ඒ ඔක්කොම බලපානවා.

ඊයේ පෙරේදා ඉන්ධන මිල සංශෝධනය වුනා. ආණ්ඩුව බාරගන්න කලින් මේ අය කීවේ තෙල් වලින් රුපියල් දෙසීයක් ඇමතිවරයාගේ සාක්කුවට යනවා කියල . දැන් තියෙන ප්‍රශ්නෙ තමයි මේ ඉන්න ඇමතිවරයාත් එහෙමනං ලීටරයකින් රුපියල් දෙසීයක් සාක්කුවට දාගන්නවද කියන එක. නැතිනම් තමන් බොරු කිව්ව කියන එක දැන් පිළිගන්න බැරුව උත්තරයක් දීගන්න බැරුව ඉන්නවද කියන එක .

අපි කියන්නේ යථාර්ථය පැහැදිලි කරන්න කියලා. තෙල් මිල රුපියල් දෙසියකින් අඩු කරල සියයට, එකසිය පනහට තෙල් ලබාදෙන්න . රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඇමති කංචන ගෙනාපු මිල සූත්‍රයම නම් මේ අයත් පාවිච්චි කරන්නේ මොකක්ද ඒකේ තේරුම. කලින් අපි මිල සූත්ත්‍රය පාවිච්චි කරනකොට ඒක වැරදියි . මේ අය කරන කොට හරි. එහෙමද ආණ්ඩුව හිතන් ඉන්නේ. අපි නොවේ සමාජ මාධ්‍යයේ මිනිස්සුමයි ප්‍රශ්ණ කරන්නේ .

දේශපාලනය කියන්නේ සෙල්ලමක් නොවේ. ඒකෙදී අත්දැකීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ව්‍යවස්ථාව සම්බන්ධව කටයුතු කරදී පරිණතභාවය අවශ්‍ය වෙනවා . රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් ගන්න කැමති නැති වුණාට එතුමාගේ වැඩපිළිවෙලම තමයි තවම ක්‍රියාත්මක කරන්නේ . ඔය තමන් ක්‍රියාත්මක කරනවායි කියපු දේවල් දැන් ක්‍රියාත්මක කරන්න පුළුවන්නේ. අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධය කරන්න. බඳු ටික අඩු කරන්න පුළුවන්න්නේ . ඒ කියපුවා කරන්න බෑ . තවම කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩ ටික . එතුමගේ උපදෙස් ගන්නේ නෑ කිව්වට එතුමගෙ පාරෙම තමයි යන්නේ .

ජනාධිපතිවරණයේදී ඡන්ද කෝටියක් ගන්නවා කීවා. ඒත් ගත්ටේ ලක්ෂ 56 යි . එතන තියෙන්නේ 42% . විපක්ෂයට 58% ලබුනා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වෙන්නේ මේකම තමා. තමන්ගේ දිස්ත්‍රික්කයේ දන්න කියන. ඒ වගේම ප්‍රදේශයට වැඩ කරල තියෙන තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච, ප්‍රදේශයට සේවාවක් කරපු අය වෙනුවෙන් තමා මිනිස්සු ඡන්දෙ දෙන්නේ.

එහෙම නැතුව එකම නිකම් දන්නෙවත් නැති කෙනෙකුට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්දය දෙන සිරිතක් නැහැ . ඒ නිසා මේ බලාපොරොත්තු වෙන තුනෙන් දෙක තියා මං හිතන්නේ සරල බහුතරයක් හදාගන්න ආපු පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ .

බිත්තර ගැන අපි නෙවෙයිනේ කියුවේ. ඉල්ලුම සැපයුම අනුව මිල වෙනස් වෙන බව අපි නම් දන්නවා . මේ අය තමා කීවේ බිත්තරවලින් කොමිස් ගහනවා කියලා . බිත්තර මිල අඩුවුණාම කිව්වා කොමිස් එක අඩු උන නිසා මිල අඩු උනා කියලා . එහෙනම් මිල වැඩි වුණහමත් ඒකට උත්තර දෙන්න ඕනේ. හාල් පොල් මිල වැඩි උනාම ඒකෙන් වසි ගන්න බොරු කියලා. දැන් ඒ බොරුව මිනිස්සු ප්‍රශ්ණ කරන තැනට ආවාම උත්තර නැතිව ඉන්නවා. අපි කියන්නේ ආණ්ඩුවට කියපු බොරු එළිවෙනකොට කෙඳිරි ගාන්න නම් එපා කියලයි .

What's your reaction?

Related Posts

1 of 349

Leave A Reply

Your email address will not be published. Required fields are marked *