කියුබාවට ප්‍රබල භූමිකම්පා දෙකක් ඊයේ (10) රාත්රියේදී ඇතිව තිබෙනවා.
රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූමිකම්පාව ඇතිවී පැයකට පමණ පසුවයි රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූමිකම්පාව ඇති වී තිබෙන්නේ.
දකුණු ග්‍රැන්මා පළාතේ බාර්ටොලෝම් මාසෝ වෙරළට කිලෝමීටර 40ක් පමණ ඔබ්බෙන් මෙම භූමිකම්පා දෙක ඇතිවී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවත්, ක්ෂණික මරණ කිසිවක් වාර්තා වී නොමැති බවත්, එරට බලධාරීන් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.