“කිලිනොච්චියේ ජනතාව පොහොසත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා”

කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව පොහොසත් කිරීමේ වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ කිලිනොච්චි ප්‍රදේශයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

විශාල ලෙස සූර්ය විදුලිබලය නිෂ්පාදනය කළ හැකි බවත් ඒ තුළින් අතිරික්ත විදුලි නිෂ්පාදන ඉන්දියාව අලෙවි කල යුතු බව ඔහු කියා සිටියා.

එමෙන්ම මෙම ප්‍රදේශයට ඩිජිටල් ආර්ථිකයක් ගෙන ආ විට කිලිනොච්චි ඉංජිනේරු පීඨය වටා ඩිජිටල් කලාපයක් ඇති කළ හැකි බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම පුනරින් බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ “මේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අපි කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට අප ඔබට සහාය ලබා දෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශවල ගොවි ජනතාවගේ එළවළු සහ පලතුරු අළෙවි කළ හැකි නව ජාලයක් ඇති කර ඒ සඳහා පුද්ගලික අංශයද එක් කර ගන්නවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ විශාල ශීතාගාරයක් ඇති කරනවා. හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 08ක් ලබාගත හැකි පරිදි අප මෙම ප්‍රදේශයේ කෘෂිකර්මය දියුණු කරනවා. අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙම පළාත්වලට ගෙන්වා ගැනීමටත්, එමඟින් උපයා ගන්නා මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමටත් අප කටයුතු කරනවා. ඒ වගේම රට පුරා ආයෝජන කලාප ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රදේශයේ විශාල ලෙස සූර්ය විදුලිබලය නිෂ්පාදනය කළ හැකියි. අපි එම අතිරික්ත නිෂ්පාදන ඉන්දියාව අලෙවි කරමු. ඒ අනුව මේ ප්‍රදේශවල ජනතාව පොහොසත් කිරීමේ වැඩපිළිවෙළ අප සකස් කර තිබෙනවා. මේ ප්‍රදේශයට ඩිජිටල් ආර්ථිකයක් ගෙන ආ විට කිලිනොච්චි ඉංජිනේරු පීඨය වටා ඩිජිටල් කලාපයක් ඇති කළ හැකියි. ඒ වගේම පුනරින් බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *