කිලෝ 05කට ආසන්න අයිස් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවෙන් අද සොයා ගැනුණා.

ඒ, පාකිස්ථානයේ සිට මෝදර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ලිපිනයකට එවන ලද පාර්සලයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරික්ෂා කළ අවස්ථාවේයි.

රේගුව සඳහන් කළේ මෙය මධ්‍ය තැපැල් හුවමාරුවෙන් මේ දක්වා හමු වූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ කළ පරික්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත් වුණා.

මෙට්ටයකට සමාන පාර්සලයක සඟවා මත්ද්‍රව්‍ය තොගය මධ්‍ය තැපැල් හුවමාරුවට එවා තිබූ අතර එහි තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සිට මෙරටට එවා ඇති බවයි රේගුව පැවසුවේ.

කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට අදාළ පාර්සලය එවා තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවද රේගුව ප්‍රකාශ කළා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 200කට ආසන්න බවයි රේගුව සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *