කිව්.ආර්.කේතය සහිත අලුත් ජාතික හැඳුනුම්පත

පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ සඳහා ටෙන්ඩර් විවෘත කර ඇති බවත් දැනට ඇති ජාතික හැඳුනුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත්කොට ඒ වෙනුවට කිව්.ආර්. කෝඩ් සමඟ නව හැඳුනුම්පත ළඟදීම ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේදී විවෘත කරමිනි.

ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි ස්ථාන 340ක් ඇති බව කී අමාත්‍යවරයා රජයට මුදල් ප්‍රශ්න ඇතත් රට පුරා වැඩි වැඩියෙන් කාර්යාල විවෘත කර ජනතාවට සේවය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *