කිසිදු මැතිවරණයකට අපේ බයක් නෑ

කිසිදු මැතිවරණයකට අපේ භයක් නෑ, බොහෝම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්විය යුතු නියමිත දිනයට නියමිත මැතිවරණ එලෙසින්ම පවත්වන බවට සහතිකයක් අතිගරු ජනාධිපතිතුමන් විසින් රටට ලබා දීලා තියෙනවා යැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, පලාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා,

ආණ්ඩුව මැතිවරණ වලට කිසිම භයක් නෑ, ආණ්ඩුව භය වෙලා තියෙන්නේ මේ රට තියන තැනින් බේරා ගැනීම සඳහා විදේශ ණය ප්‍රථිව්‍යුහගත කරන වැඩපිළිවෙල සඳහා තමයි ගරු ජනාධිපතිතුමත්, රජයත්, අන්තර්ජාතික සංවිධානත් මහන්සි වෙන්නේ, ඒ නිසා අපි භය වෙන්නේ මේ ණය ගෙවාගන්න බැරිව තියෙන ගැටලුවට පමණයි, ඒ මිසක් කිසිදු මැතිවරණයකට භයක් නෑ, බොහෝම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්විය යුතු නියමිත දිනයට නියමිත මැතිවරණ එලෙසින්ම පවත්වන බවට සහතිකයක් අතිගරු ජනාධිපතිතුමන් විසින් රටට ලබා දීලා තියෙනවා.

එතුමා කැබිනට් මණ්ඩලයට බොහෝම පැහැදිලිව දැනුම් දුන්නා මේ වර්ෂයේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි, ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මුදල් අමාත්‍යයවරයා වශයෙන් එතුමා විසින් පසුගිය අය-වැය ලේඛණයේ රුපියල් බිලියන 10 ක් වෙන් කරලා තියෙනවා.ඒ අනුව ඉතිරි කටයුතු කිරීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින්, ඔක්තොම්බර් මාසයේ 17 වැනිදාට ප්‍රථම නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වෙනවා.ඒ ගැන කිසි සැකයක් නෑ, රට අවුල් කරන විකාර රූපි දේශපාලනය නැතිව යථාර්ථයට මුහුණ දීලා රට ගොඩගන්න පුලුවන් ජාතික නායකත්වයකට රට භාර දීමේ කටයුත්ත මේ රටේ ජනතාව ඉෂ්ඨ කරයි ප්‍රජාත්‍රන්තවාදී ලෙස.

රට ගොඩගන්න පුලුවන් නායකයෙකුට අපි සහය දක්වනවා ඒ මැතිවරණයේදී, නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ අමාරුම ආර්ථික අවධියක තමයි ඉන්නේ, ණය ආපසු ගෙවීම් ඇති කර ගෙන, අන්තර් ජාතික සහයෝගය පූර්ණ වශයෙන් ලබා නොගත්ත රජයකට සති දෙකක්වත් ආණ්ඩු කරන්න බෑ, ඒ නිසා ඒ වැඩපිළිවෙලට අනුව ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල‌ේ විස්තීරණ ණය ගිවිසුමේ කොන්දේසි අනුව අන්තර් ජාතික වශයෙන් ණය ගෙවීම් පිළිබඳ ඇතිවන එකඟතාවයත් මත තමයි රට ඉදිරියට ගමන් කරන්න තිබෙන්නේ.එය කිරීමේ නායකත්වය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා.ඉදිරියටත් එතුමා ඒ නායකත්වය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *