කුකුළු මස් මිල ඉහළට

උත්සව සමයේදී දේශීය බිත්තරයක මිල රුපියල් 35ට වඩා අඩු මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විශේෂයෙන් උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපළට සැපයීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් බිත්තර මිල අඩු වුවත් වෙළඳ පොළේ කුකුලු මස් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *