කුරියර් ක්‍රමයේ කේරළ ගංජා ජාවාරමක් වටලයි

ගාල්ල ප්‍රදේශයෙන් මුහුදු රැකියාවට යන ධීවරයන්ට ගංජා අලෙවි කරන ජාවාරමක් අනාවරණය කරගෙන තිබෙනවා.

කුරියර් ක්‍රමයට කේරළ ගංජා ගෙන්වාගෙන පසුව ධීවරයින්ට විකුණන බවයි වාර්තා වන්නේ.

සැකකරු සතුව තිබූ ගංජා ග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (23) බළපිටිය වලගෙදර ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් පසුව මේ බව අනාවරනය වූ බවයි ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පැවසුවේ.

අත්අඩංගුවට තැනැත්තා බළපිටිය, වලගෙදර පදිංචි හතළිස් පස්හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලීසියට භාරදී තිබෙනවා.

කුරියර් ක්‍රමයට කේරළ ගංජා සැපයූ පාර්ෂවය සම්බන්ධයෙන්ද විමර්ෂණ සිදුකෙරෙනවා.

මේ අතර ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *